
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළේ මෙහෙයුම් ඉන්දු-රුසියානු සමාගම් දෙකකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි අධ්‍යයනයක් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙහෙයුම් කටයුතු භාරදීමට තීරණය කළ ඉන්දීය සමාගම මේ වනවිට අමෙරිකාව විසින් අසාදු ලේඛනගත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කරයි.
එවැනි තත්ත්වයක් යටතේ ගුවන් තොටුපොළේ මෙහෙයුම් එම සමාගමට ලබාදීම ගැටලු සහගත වී ඇති බව ඔහු පෙන්වාදෙයි.
මෙහෙහුම්වල ලාභය බෙදාගැනීම සම්බන්ධ කොන්දේසිද රජයට අවාසිදායක බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව, අදාළ තීරණය අධ්‍යනය කර කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඉන් ලැබෙන නිර්දේශ මත ඉදිරි පියවර ගනු ඇත.
දැනට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සිදුකරයි.
මේ වන විට සතියකට එක් ගුවන් යානයක් පමණක් මත්තල ගුවන් තොටුපොළට ගොඩබස්වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart