
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාව නැවත වතාවක් යුක්රේනයට මිසයිල සහ කාලතුවක්කු ප්රහාර මාලාවක් දියත් කර ඇත. මෙම ප්රහාර හේතුවෙන් Kherson කලාපයේ එක් පුද්ගලයකු මියගොස් ඇති අතර, Dnipropetrovsk හි ළමුන් තිදෙනකු ඇතුළු 25 දෙනෙකු තුවාල ලබා ඇත.
කෙසේවෙතත් යුක්රේන සන්නද්ධ හමුදා ප්රකාශ කර ඇත්තේ රුසියාව එල්ලකළ මිසයිල ප්රහාරවලින් බහුතරයක්, එරට ගුවන් ආරක්ෂක අංශ විසින් වළක්වා ඇති බවයි. එහෙත් මිසයිල ප්රහාර වලින් උස් මහල් නිවාස 19 ක්, පෞද්ගලික නිවාස 25 ක්, පාසල් සහ ළදරු පාසල් 06 ක් සහ වෙළඳසැල් 05කට හානි සිදුව තිබේ.
තවමත් අර්ධ වශයෙන් රුසියාව විසින් පාලනය කරනු ලබන Kherson කලාපයේ, යුක්රේන කලාපීය බලධාරීන් පවසන්නේ රුසියාව ෂෙල් වෙඩි 39 ක් එල්ල කර ඇති බවයි. පසුගිය දිනවල යුක්රේනයේ ප්රහාරවල වැඩිවීමක් දක්නට ලැබුණු අතර, ඉදිරි ආරක්ෂක වළල්ලෙන් බැහැර ස්ථාන එම ප්රහාරවලින් ඉලක්ක කර ඇත. පසුගිය සිකුරාදා එල්ලකළ එවැනි ප්රහාරයකින් උස්මාන් හි පුද්ගලයින් 23 දෙනකු මියගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart