
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ප්‍රතිසංස්කරණය කර එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන් අංගසම්පූර්ණ විමර්ශන අංශයක් බවට පත් කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පවසයි.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ ක්‍රියාත්මක වන අතර මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යනු ඒ යටතේ ඇති කුඩා ඒකකයක් පමණි.
පොලිස් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යන ආයතන දෙකම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතට පත් කරන බව ඇමැතිවරයා පැවසීය.
පොලිස් සේවයේ මෙහෙයුම් විධිමත් කිරීම සඳහා එහි ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අදාළ බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
අපරාධ මැඩලීමේ නවතම උත්සාහය ලෙස ඇමැතිවරයා පැවසුවේ රට පුරා ඇති සියලුම අපරාධ විමර්ශන ඒකක අධීක්ෂණය කිරීම සඳහා ‘මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය’ නමින් විශේෂ ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කළ බවයි.
විශේෂයෙන්ම යහපාලන රජය සමයේ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීමේදී මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.
ඇමැතිවරයා පවසන පරිදි, දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය වැනි විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති පැමිණිලි 29,000ක් නිෂ්කාශනය කිරීමට එමගින් පහසුකම් සැළසේ.
“මධ්‍යම ඒකකයක් පිහිටුවූ පසු පිට පළාත්වල නොසළකා හරින ලද පැමිණිලි පවා කඩිනමින් විමර්ශනය කළ හැකියි,” යනුවෙන් ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart