
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණවලට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සහ වෙනත් සුදුසුකම් ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස්කරන ලෙස එම කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ.
වාර්තා සඳහන් කරන ආකාරයට මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ වෙනත් බහුජන සංවිධාන කිහිපයක් වෙතිනි.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වන පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ, පසුගිය මහමැතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇතැම් නියෝජිතයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.
හිටපු කතානායක අශෝක රන්වල ඇතුළු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තවමත් වාද විවාද පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart