
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව පුරා වාර්තා වූ වෙඩි තැබීම්වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ගැටුම් ද බලපා ඇති බව පොලිසිය පවසයි.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පවසයි.
පසුගිය සති කිහිපය තුළ ගාල්ල, දඩල්ල, මීගොඩ, යක්කල, මාලිගාකන්ද, ජා-ඇල, වැල්ලව, කුරුණෑගල ඇතුළු ස්ථාන කිහිපයක වෙඩි තැබීම් වාර්තා විය.
මේ වසරේ වෙඩි තැබීම් 101 ක් වාර්තා වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 56ක් සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
දිනෙන් දින ඉහළ යන ප්‍රචණ්ඩ ක්‍රියාවලට ප්‍රතිචාර වශයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානාත්මක අපරාධ පාලන කමිටුවක් ස්ථාපිත කර තිබේ.
බස්නාහිර සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙම කමිටුවේ සභාපතිවරු ලෙස කටයුතු කරනු ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා, පොලිස් විශේෂ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10 දෙනෙකු එම කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.
මීට අමතරව, අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත උතුර සහ දකුණ අපරාධ කොට්ඨාසවල මෙන්ම කළුතර, ගාල්ල සහ මාතර අපරාධ කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන් ද කමිටුවට ඇතුළත් වේ.
රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු ද කමිටුවට අයත් වේ.
සමස්තයක් වශයෙන්, මෙම කමිටුව පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart