
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් (මරාගෙන මැරෙන බෝම්බකරුවන්) මිය ගොස් ඇති බැවින්, ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කරයි. ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සියදිවි නසාගැනීම සඳහා මානසික පුහුණුවක් ලැබූ පිරිසක් එම ත්‍රස්ත ප්‍රහාර එල්ල කර ඇති බවත්, ඊට සම්බන්ධ සැකකරුවන් (මරාගෙන මැරෙන බෝම්බකරුවන්) මේ වනවිට මියගොස් ඇති බවත්ය.
“දැන් කිසිම තොරතුරක් හෙළිදරව් වෙන්නේ නැහැ. මේ ප්‍රහාරවල සුලමුල සොයාගන්න ක්‍රමයක් නැහැ. ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සහ ඔවුන් (සැකකරුවන්) නැවතී සිටි හෝටල්වල කළමනාකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පලක් නැහැ. සැකකරුවන් කොළ, නිල් හෝ රතු කමිසයක් ඇඳ සිටි බව ඔවුන් කියන්න පුළුවන්, නමුත් ඒවා සැබෑ හේතුව අනාවරණය කරගන්න උපකාර වෙන්නෙ නැහැ.” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart