
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී ඉෆ්තාර් උත්සවයක් පවත්වා තිබේ. ඉෆ්තාර් යනු රාමසාන් මාසයේ මුස්ලිම් බැතිමතුන්ගේ සන්ධ්‍යා භෝජනය වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයට රාජ්‍ය තාන්ත්‍රිකයින්, මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිට ඇත. ජනාධිපති නීතිඥ අලි සබ්රි, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, ටිරාන් අලස්, විදුර වික්‍රමනායක, නසීර් අහමඩ් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට පැමිණ තිබේ.
ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට ප්‍රමුඛ පෙළේ ඉස්ලාම් ආගමික නායකයන් සහ මුස්ලිම් බැතිමතුන් මෙහිදී ප්‍රශංසා කර ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය පවසයි. මෙම ඉෆ්තාර් උත්සවය ආරම්භ කර ඇත්තේ රට තුළ ජාතික සංහිඳියාව වෙනුවෙන් යාඥා කිරීමෙනි.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා, “මෙම සුවිශේෂී අවස්ථාව සැමරීමට ඔබ සියලු දෙනාම අද මෙහි පැමිණීම ගැන මට ගෞරවයක් දැනෙනවා. අපි එකම ප්‍රජාවක් ලෙස එකට එකතු වී අපගේ ආශිර්වාදය බෙදා ගැනීමට සහ අපේ රටේ සාමය සහ සෞභාග්‍යය සඳහා යාඥා කිරීමට මෙය කාලයයි.” යැයි පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart