
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බර අනුව බිත්තර අලෙවි කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවසර ලබාදී ඇත. නැවත වතාවක් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තනි බිත්තරයක මිල මෙන්ම බර අනුව විකිණිය හැකි මිලද එහි සඳහන් කර ඇත.
ඒ අනුව සුදු බිත්තර කිලෝග්රෑමයක් අලෙවි කළ හැකි මිල රුපියල් 880 ක් බවත් දුඹුරු බිත්තර කිලෝග්රෑමයක මිල රුපියල් 920 ක් බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. මිට අමතරව සුදු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් ලෙසද,
දුඹුරු බිත්තරයක් අලෙවි කළ යුත්තේ රුපියල් 46ක් ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මිල නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart