
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් 270,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගනිමින් සිටියදී මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා (OIC) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පොලිස් නිලධාරියා අතුරුදන් වූ වාහනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් සමථයකට පත් කිරීමට සම්බන්ධව සිට ඇත.
පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරියා සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෝටර් රථය සොයාගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
කෙසේවෙතත්, එම නිලධාරියා වාහනය මුදා හැරීමට පහසුකම් සැලසීම සඳහා රුපියල් 270,000 ක් වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් අල්ලසක් ලෙස ඉල්ලා ඇති බවට පැමිණිලිකරු චෝදනා කර ඇත.
ඊට සමාන මුදලක් පෞද්ගලික බැංකු ගිණුමකට තැන්පත් කරන ලෙස පැමිණිලිකරුට උපදෙස් දී තිබිණි.
අල්ලස් කොමිසම අනාවරණ කරගෙන ඇත්තේ, එලෙස ඉල්ලූ මුදල පැමිණිලිකරු වායුසමීකරණ යන්ත්‍රය මිලදී ගත් වෙළඳසැල් කළමනාකරුගේ ගිණුමට තැන්පත් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart