
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුරෝපයේ ප්‍රධාන භූමියේ සහ මධ්‍යධරණී මුහුදේ දක්නට ලැබෙන පක්ෂි විශේෂයක් ගෝලීය වශයෙන් වඳවී ගොස් ඇතැයි සංරක්ෂණ කණ්ඩායම්වල එකමුතුවක් විසින් අනාවරණ කර තිබේ.
The slender-billed curlew නමැති එම පක්ෂියා බටහිර සයිබීරියාවේ හැදී වැඩෙන සත්ත්වයෙක් වන අතර ශීත ඍතුවේ දී මධ්‍යධරණී මුහුදට සංක්‍රමණය වී වෙරළාශ්‍රිතව ගැවසෙන බව පැවසේ.
මෙම සත්ත්වයාගේ වඳවීම යුරෝපයේ, උතුරු අප්‍රිකාවේ සහ බටහිර ආසියාවේ ප්‍රධාන භූමියෙන් හඳුනාගත් පළමු ගෝලීය පක්ෂි වඳවී යෑම විය හැකි බව පැවසේ.
කුරුල්ලන් ආරක්ෂා කිරීම සඳහා රාජකීය සංගමය, BirdLife International සහ නෙදර්ලන්තයේ Naturalis ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සහ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ විද්‍යාඥයින් විසින් මේ බව ඇතුළත් විශේෂ සංරක්ෂණ තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් ප්‍රකාශයට පත්කර ඇත.
1995 පෙබරවාරි මාසයේදී මොරොක්කෝවේ slender-billed curlew අවසන් වරට දැකීමෙන් අනතුරුව එම පක්ෂියා ගෝලීය වශයෙන් වඳවී ගොස් ඇති බව නිගමනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart