
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ 2024 මහමැතිවරණය දැන් ආරම්භ විය.
පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම අද පස්වරු 4 ට අවසන් වීමට නියමිතය.
දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සිදුකෙරේ.
ඡන්දදායකයන්17,140,354ක් මේ වසරේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.
වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ගම්පහ මැතිවරණ කොට්ඨාසයට අයත් වන අතර එම සංඛ්‍යාව 1,881,129 කි.
මන්නාරම මැතිවරණ කොට්ඨාසයේ අඩුම ඡන්දදායකයන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර, එහි සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව 91,607 කි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන 225 කින් සමන්විත වේ.
එම 225න් මන්ත්‍රීවරුන් 196ක් පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත් වේ.
ඉතිරි ආසන 29 ජාතික ලැයිස්තු අපේක්ෂකයන් විසින් පුරවනු ලැබේ.
ඒ අනුව 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයින් 8,361ක් ඉදිරිපත් වේ.
ඉන් අපේක්ෂකයන් 5,006ක් පිළිගත් දේශපාලන පක්ෂ හරහා තරඟවදින අතර ස්වාධීන අපේක්ෂකයෝ 3,346ක් ද වෙයි.
දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂ දෙකක් පමණ යොදවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart