
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ මුල්‍ය වංචා සිදුකළ බව කියන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් තවත් පිරිසක් කෝට්ටේ වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ, අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී ඩෙස්ක්ටොප් පරිගණක 15ක් සහ ජංගම දුරකථන 15ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
ඔන්ලයින් මුල්‍ය වංචාවලට සම්බන්ධ බව කියන චීන ජාතිකයන් 180ක් පමණ මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඔක්තෝබර් මාසය ඇතුළත අත්අඩංගුවට ගෙන ඇත.
සෙනසුරාදා (12) කුණ්ඩසාලේ ප්‍රදේශයේදී චීන ජාතිකයින් 129 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් අතර එහිදී කුණ්ඩසාලේ සුඛෝපභෝගී බංගලාවක කාමර 47ක තිබී ලැප්ටොප් පරිගණක 100කට අධික සංඛ්‍යාවක් සහ ජංගම දුරකථන විශාල සංඛ්‍යාවක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මීට අමතරව ලැප්ටොප් පරිගණක 5ක්, ජංගම දුරකථන 437ක්, USB කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග සැළකිව යුතු සංඛ්‍යාවක්ද සමඟ වලංගු වීසා නොමැතිව පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයින් 20 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙර ඔක්තෝබර් 06 වැනිදා ගම්පහ ප්‍රදේශයේ හෝටලයකදී සහ හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකදී අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකළ ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශිකයන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබීය.
එම පිරිසට චීන ජාතිකයින් 30 දෙනෙකු, ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු සහ තායි ජාතිකයින් 6 දෙනෙකු ඇතුළත් විය.
වැටළීමේදී ජංගම දුරකථන 499ක්, ලැප්ටොප් පරිගණක 25ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 29ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart