
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පක්ෂයේ මහ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ඉතා ඉක්මනින්ම යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.
ජනාධිපතිවරණයට පෙර අද (20) උදැසන විදේශගත වූ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
” බැසිල් රාජපක්ෂට ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා විදේශගත වෙන්න නියමිතව තිබුණේ මීට සති කිහිපයකට පෙර. ඒත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ඔහු අවසන් මොහොත දක්වාම දිවා රාත්‍රී නොබලා වැඩකළා. ඔහු විදේශගතවන බව පක්ෂයට දැනුම් දීලයි තිබුණේ. වෛද්‍ය පරීක්ෂණවලින් පසුව, ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට බැසිල් රාජපක්ෂ ඉක්මනින්ම එනවා.”යනුවෙන් පක්ෂ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර නාමල් රාජපක්ෂ ගේ දරුවන් දෙදෙනා ඔහුගේ නැන්දනිය හා මාමණ්ඩිය සමග අද උදැසන විදේශගතව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පළ වන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවද සාගර කාරියවසම් සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ සිය පවුලේ සාමාජිකයන් සමග කතරගම කිරි වෙහෙරේ ආගමික කටයුතු සඳහා සහභාගී වී ඇතැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart