
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නවදෙනකු මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත්කළ බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.පී සුමනසේකර පවසයි.
දේශපාලන කටයුතුවල නිරතව සිටි රාජ්‍ය නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයට පැමිණිලි ලැබී ඇත.
ඒ අනුව විමර්ශන පවත්වා ඉන් නිලධාරීන් නවදෙනකගේ මැතිවරණ රාජකාරි කටයුතු මෙසේ අත්හිටවූ හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් ජයාන් ලක්මාල් සඳහන් කරයි.
තවත් නිලධාරිනියක සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවද ඔහු කියයි.
මෙසේ පැමිණිලි ලැබුණු පිරිසට වෛද්‍යවරු තිදෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. විදුහල්පතිවරු නවයක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් සහ ගුරුවරු සිවු දෙනෙක් සහ සමෘද්ධි කළමනාකරුවෙක් ඇතුළත් වන බව පැවැසේ.
මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත්කළ පිරිස සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද සහකාර මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.
චෝදනා එල්ල වූ නිලධාරීන් කිහිපදෙනකු ඇතැම් ජනාධිපති අපේක්ෂකයන්ගේ රැස්වීම්වල කතා පවත්වා තිබූ බවට තොරතුරු හෙළිවී ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart