
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙවැනි මනාප ගණන් කිරීමකට යෑමට සිදු වුවද සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය සැප්තැම්බර් 22 වැනිදා ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.
ඔහු කියා සිටියේ අවසන් නිවේදනය සඳහා නිශ්චිත කාල රාමුවක් ලබා දිය නොහැකි වුවද, එම ක්‍රියාවලිය දිනක් ඇතුළත අවසන් කිරීමට කොමිසම අපේක්ෂා කරන බවයි.
2024 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඡන්ද දෙවැනි මනාප ගණන් කිරීම දක්වා ඉදිරියට යන පළමු අවස්ථාව විය හැකි බවට බොහෝ දෙනා අනුමාන කර ඇත.
මැතිවරණ නීතිරීතිවලට අනුව, අපේක්ෂකයකු ජනාධිපති ධුරය දිනා ගැනීම සඳහා වලංගු මුළු ඡන්ද ප්‍රමාණයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය.
කිසිදු අපේක්ෂකයකු මෙම බහුතරයට ළඟා නොවන්නේ නම්, ඉහළම අපේක්ෂකයන් දෙදෙනා හැර අන් සියල්ලන්ම ඉවත් කර එම අපේක්ෂකයන්ගේ ඡන්ද පත්‍රිකාවලින් දෙවැනි මනාප ප්‍රධාන පෙක්ෂකයන් දෙදෙනා වෙත නැවත බෙදා හරිනු ලැබේ.
දෙවැනි මනාප ඡන්දය සම්බන්ධයෙන් පූර්ව පළපුරුද්දක් නොතිබුණද මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මැතිවරණ නිලධාරීන් මනා පුහුණුවක් ලබා ඇති බව සභාපතිවරයා ජනතාවට සහතික විය.
දෙවැනි මනාප ගණන් කිරීමේදී එම ප්‍රතිඵල දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශයට පත් කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart