
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේම අවසන් ප්‍රචාරක රැලි සංවිධාන කර තිබුණේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමිනි.
ඒ අනුව සෑම ජනාධිපති අපේක්ෂකයකුම සිය අවසන් ප්‍රචාරක රැලි සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබුණේ තමන්ට ඇති ජන ප්‍රසාදය පෙන්වාදීමට ඇති අවසන් අවස්ථාව එය ලෙස සළකමිනි.
මෙවර මැතිවරණ කරයුතු ආශ්‍රිතව නිතර අසන්නට ලැබුණු ප්‍රචාරක රැලි සඳහා මුදල් ගෙවා විවිධ ආයතනවලින් මිනිස් බලය(මෑන් පවර් ආයතනවලින්) සපයා ගැනීම මෙම අවසන් රැලි සම්බන්ධයෙන් ද වෙනසක් නැතුවම අසන්නට ලැබිණි.
එහෙත් මෙහිදී සිදුවූ අපුරු සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවෙමින් තිබේ.
එනම්, මහ කොළඹ පැවැත්වූ සිය අවසන් රැලි සඳහා එලෙස මුදල් ගෙවා මෑන් පවර් ආයතනවලින් පිරිස ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකුට අනපේක්ෂිත ලෙස එලෙස පිරිස ගෙන්වා ගැනීමට නොහැකිවී ඇති බවයි.
වාර්තා වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේම පැවැත්වූ බව කියන රැස්වීමක් සඳහා මුදල් බලය සහිත තවත් අපේක්ෂකයකු විසින් අදාළ මෑන් පවර් ආයතන වෙත මිනිස් බලය වෙනුවෙන් වැඩිපුර මුදල් ගෙවා කලින්ම සේවය වෙන්කරවා ගැනීම ඊට හේතුවයි.
ඒ අනුව කොළඹ පැවත්වූ අනෙක් රැස්වීම් සඳහා එම ආයතන වෙතින් අපේක්ෂිත අයුරින් පිරිස ගෙන්වා ගැනීමට නොහැකි වූ බව පැවසේ.
මේ නිසා ඔවුන්ගේ රැස්වීම් සඳහා අනුරාධපුර, මැදිරිගිරිය ආදී දුරබැහැර ප්‍රදේශවලින් පාක්ෂිකයන් කැඳවීමට ඔවුන්ට සිදු වූ බව වාර්තා වේ.
දැනගන්නට ඇති පරිදි, සාමාන්‍යයෙන් එක් පුද්ගලයකු වෙනුවෙන් වෙනත් දිනවල රුපියල් 1500-2000ක් ගෙවා ලබාගන්නා සේවයට රුපියල් 3000ක් වැනි මුදලක් ගෙවා කළින්ම සේවය වෙන්කරවා ගැනීමට අදාළ අනෙක් අපේක්ෂකයා කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart