
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණ දිනයේ සහ මැතිවරණයෙන් පසු, සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.
සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා කළහොත් ඒ් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
ඒ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සඳහා වෙනම සේවයක් පවත්වාගෙන යයි.
මැතිවරණ කාලසීමාවේත් ඉන් පසුවත් බුද්ධි අංශ මගින් අවශ්‍ය සම්පූර්ණ පරීක්ෂා කිරීම් සිදුකරනු ලබයි.
මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් සමාජ ජාලා හරහා යොමු කළහොත් ඒ් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රටේ සාමයට බාධාවන ආකාරයේ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂයෙන් අවධානයෙන් පසුවන බවත්, එලෙස කටයුතු කරන සමාජ මාධ්‍ය හිමිකරුවන් සම්බන්ධයෙන් සෙවීමට සමාජ මාධ්‍ය ආයතනවල සහාය ලබාගන්නා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ පිළිබඳ බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය යන ආයතන එක්ව කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart