
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණය අවසන් වී සති දෙකක් ඇතුළත රටට සුබ ආරංචියක් බලෙන බව ස්වාධින ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ ගාල්ලේ පැවැති ‘රනිල්ට පුළුවන්’ ජන රැලිය අමතමිනි.
රටට ලැබෙන එම සුබ ආරංචිය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී මෙසේ පැහැදිලි කළේය.
“මම IMF සංවිධානයත්…ලෝක බැංකුවත්.. ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කළා. අපේ වගේ මධ්‍යම ආදායම් රටකට සුදුසු ගිවිසුමකට පැමිණියා. දැන් බංකොලොත්භාවය නැති කරන්න තුන්වැනි කණ්ඩායම සමගත් ගිවිසුමකට එළැඹිය යුතුයි. ඒ තමයි පුද්ගලික බැඳුම්කරුවන්. ඒ ගිවිසුමත් හෙට වෙනකොට අවසන් කරනවා. එහෙමනම් මම මේ ඡන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටුකරලා. මේ රටේ බංකොලොත්භාවය නැතිකරන නිල තත්ත්වයට ඇවිත් තියෙන්නේ.”
“IMF අධ්‍යක්ෂකවරිය කිව්වා මේවා අපි මාරු කරන්නේ නැහැ කියලා. ඡන්දෙ ඉවරවෙලා සති දෙකකින් ඔවුන් එනවා මේ වැඩකටයුතු ඉවර කරන්න. එතකොට කියන්න යනවා බංකොලොත්භාවය අවසන් කියලා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart