
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා ගුවන් යානා සපයන්නේ සම්මත ක්‍රියා පටිපාටිවලට අනුකූලව ගෙවීම් පදනම මත පමණක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැහැදිලි කර ඇත.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අවභාවිත කළ බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර වශයෙන් ඔවුන් මෙම ප්‍රකාශය සිදු කෙරේ.
2024 ජනාධිපතිවරණයේදී පොදු සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පසුගියදා සැළකිව යුතු කණස්සල්ලක් පළ කළේය.
ඔවුන් චෝදනා කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ජනාධිපති අපේක්ෂකයන් විසින් ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බවටයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පැවසුවේ ප්‍රමුඛ පෙළේ ජනාධිපති අපේක්ෂකයන් කිහිප දෙනෙකු ගුවන් හමුදා ගුවන් යානා භාවිත කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට ගෙවීම් කිරීමෙන් පසුව පමණක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart