
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වනවිට ලොව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස සැළකෙන බ්‍රිතාන්‍යයේ Merseyside හි රැකවරණ නිවාසයක වෙසෙන ජෝන් අල්ෆ්රෙඩ් ටිනිස්වුඩ්(John Alfred Tinniswood) නමැත්තා 112 වන වියට පාතබා තිබේ.
ඔහු සිය දිගු ජීවිතය වාසනාවක් ලෙස සළකන අතර ඒ සඳහා සෑම සිකුරාදා දිනකම මාළු සහ චිප්ස් අනුභව කිරීම හැර විශේෂ ආහාර වේලක් ලබානොගත් බව පැවසේ.
Tinniswood 1912 වසරේදී උපත ලබා තිබේ. එය ටයිටැනික් නෞකාව සාගර පතුලේ ගිලී ගිය වසරයි.
මීට පෙර ලොව වයස්ගතම මිනිසා ලෙස සැළකුණේ වෙනිසියුලාවේ 114 හැවිරිදි ජුවාන් විසෙන්ටේ පෙරෙස්ගෙන් ය.
ඔහු ඉකුත් අප්‍රේල් මාසයේදී මියගිය අතර ඉන් අනතුරුව ටිනිස්වුඩ් ලොව වයස්ගතම මිනිසා බවට පත්විය.
ටිනිස්වුඩ් 2020 දී බ්‍රිතාන්‍යයේ වයස්ගතම මිනිසා ලෙස නම්කරන ලදී.
සිය ජීවිත කාලය පුරාම ලිවර්පූල් පාපන්දු රසිකයෙක් වන ටිනිස්වුඩ් උපත ලැබුවේ එම සමාජය ආරම්භ කර වසර 20 කට පසුවය.
ඔහු රෙඩ්ස්ගේ FA කුසලාන ජයග්‍රහණ අටම සහ ඔවුන්ගේ බොහෝ ලීග් ජයග්‍රහණ ඇතුළුව සමාජයේ උස් පහත් මට්ටම් සියල්ලම පාහේ සියැසින් දැක ඇත.
මෙතෙක් ලොව විසූ වයස්ගතම මිනිසා ලෙස වාර්තා අතරට එක්ව ඇත්තේ ජපානයේ ජිරොමන් කිමුරා ය.
ඔහු 2013 දී මිය ගිය අතර ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 116 යි දින 54 කි.
මේ අතර, ලොව වයස්ගතම කාන්තාව වන්නේ 116 හැවිරිදි ජපන් ජාතික ටොමිකෝ ඉටූකා ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart