July 24, 2024

ජනාධිපතිවරණය සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාදයකින් තොරව නිදහස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

2024 අයවැයෙන් ජනාධිපතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර ඇත.

මේ අතර, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ජනාධිපතිවරණයට අදාළ වියදම් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මීට අමතරව පොලිස් කොට්ඨාස 45කින් මැතිවරණ ඇස්තමේන්තුගත වියදම් පිළිබඳ වාර්තා කැඳවා තිබේ.

එම වාර්තා පොලිස් මූලස්ථානය වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.

මෙම වාර්තා මත පදනම්ව වියදම් පිළිබඳ අවසන් ඇස්තමේන්තුව සකස් කරනු ඇත.