
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපනයන කිරීමේ අරමුණින් දෙමුහුන් ප්‍රභේද දෙකකට අයත් දූරියන් පැළ 20,000ක් වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
කෙටි කලකින් ඉහළ අස්වැන්නක් ලබා දෙන ‘අඹතැන්න’ සහ ‘කසුන්’ යන දෙමුහුන් දූරියන් වර්ග දෙක වගා කිරීමට කටයුතු යොදා ඇතැයි අමරවීර ඇමැතිවරයා ෆේස්බුක් ඔස්සේ ප්‍රකාශ කර තිබේ.
මෙම දූරියන් ප්‍රභේද දෙකම අනෙකුත් ප්රමුඛ දූරියන් ගස් තරම් විශාල නොවන අතර උපරිම උස අඩි 8ත් 12ත් අතර වනු ඇති බව කියැවේ.
ඇමැතිවරයා පෙන්වාදෙන්නේ ගස කුඩා වුවද එම දූරියන් ඉතාමත් ඵලදායී ප්‍රභේද දෙකක් බවයි.
එබැවින් සාමාන්‍ය ඉඩමක වුවද වගා කිරීමේ හැකියාව තිබේ.
අපනයන සංවර්ධන මණ්ඩලයට අනුව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන පළතුරු ප්‍රධාන වශයෙන් අපනයනය කරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ මාලදිවයින වෙතය.
ශ්‍රී ලංකාව දැනට මැද පෙරදිගට දූරියන් අපනයනය සිදු කරයි.
පෘතුගීසීන් විසින් දිවයිනට හඳුන්වා දුන් බව කියනු ලබන දූරියන්හි නව වර්ග කිහිපයක් පසුව මෙරටට හඳුන්වා දෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart