
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රථවාහන ලීසිං සමාගමක අනුරාධපුර ශාඛාවේ විධායක නිලධාරියකු සිය නිවෙස බලා ගමන් කරද්දී බස් රථ දෙකකදීම නින්ද ගොස් යළි තවත් බස් රථයක් බලාපොරොත්තුවෙන් පාළු පෙදෙසක බස් නැවතුමක සිටියදී කොල්ලකරුවන් දෙදෙනකු පැමිණ ඔහුගේ ලක්ෂ 5ක් පමණ වටිනා රන් දම්වැල පැහැර ගෙන යාමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවේ.
සිද්ධියට මුහුණ දුන් තරුණ නිලධාරියා මැදවච්චියේ තම නිවෙසට අනුරාධපුරයේ සිට බස් රථයෙන් ගමන් කරමින් සිටියදී නින්ද ගොස් ගමනාන්තය පසු කර රඹෑව ප්රදේශයට ගොස් ඇත.
යළි ඔහු යාපනයේ සිට අනුරාධපුර බලා ධාවනය වූ බසයක නැග මැදවච්චියට ටිකට් පතක් ගෙන වාඩි වී ඇති අතර ටික වේලාවකින් යළි නින්ද ගියේය. මැදවච්චිය සිය ගමනාන්තය පසු කර ගොස් යළි අනුරාධපුරයට ආසන්නයේ පාළු පෙදෙසකදී ඇහැරි ඇති අතර කලබල වී යළි එම ස්ථානයෙන් බැස මැදවච්චියට යාම සඳහා බසයක් එනතුරු බලා සිටියදී එම බස් නැවතුමට පැමිණි දෙදෙනකු ඔහුගේ ලක්ෂ 5 කට ආසන්න රන්මාලය කොල්ලකා පලා ගොස් ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මෝටර් රථ ලිසිං සමාගමක විධායක නිලධාරියකු වන මැදවච්චිය, පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
රස්තියාදුවෙන් පසු යළි නිවෙසට ගමන් කිරීම සඳහා රාත්රී 11 ට පමණ රඹෑව වැලිඔය හන්දියෙන් මැදවච්චියට යාමට බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුම්පොළ අසල සිටියදී පැමිණි දෙදෙනකුගෙන් අයෙකු ඇමැතුමක් ලබා ගැනීම සඳහා පැමිණිලිකරුගේ ජංගම දුරකතනය ඉල්ලා ඇති බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී විධායක නිලධාරියා ජංගම දුරකතනය සැකකරුට ලබා දීමට සැරසෙනවාත් සමග අනෙක් පුද්ගලයා පැමිණිලිකරුගේ ගෙල බැඳි රුපියල් 4,80,000 රන්මාලය කඩාගෙන රඹෑව දෙසට දිව ගිය බව පැමිණිල්ලේ සඳහන්වේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart