July 22, 2024

අද (22) සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධාන පවසයි.

ඒ, වැටුප් විෂමතා ගැටලු මුල් කර ගනිමිනි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පවසන්නේ, පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා ඉගැන්වීමේ ක්‍රියාවලිය ඒ අයුරින්ම ක්‍රියාත්මක බවයි.

සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය කැඳවන කිසිදු රාජකාරියකට සහභාගි නොවන බව ද උන්වහන්සේ සඳහන් කරති.