July 21, 2024

කතරගම මැණික් ගඟේ ඉදිකළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කර්‍ය ප්‍රධානි සාගර රත්නායක ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව මෙම ජල පා සෝදනය විවෘත කෙරිණි.

මැණික් ගගේ අංක 02 පාළම අසල මෙම ප්‍රාකාරය ඉදිකර ඇත.

අතීතයේ බැතිමතුන් කතරගම දේවාලය වන්දනා කිරිමට පැමිණිමට පෙර මැණික් ගඟට බැස දිය නා ගෙන හෝ පා දෝවනය කර දෙහි ගා පිරිසිදුව පැමිණ තිබේ.(ලංකාදීප)