
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම ලබන වසර ආරම්භය දක්වා රජය කල් දමා ඇති බව වාර්තා වේ.
රටේ ආර්ථිකය ප්‍රමාණවත් ලෙස ස්ථාවර වී නොමැති නිසාත්, එවැනි ආනයන සඳහා පහසුකම් සැලසීමට විදේශ සංචිත ප්‍රමාණවත් මට්ටමක නොමැති නිසාත් තහනම ඉවත් කිරීම කල් දැමීමට තීරණය කර ඇති බවට භාණ්ඩාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
භාණ්ඩාගාර දත්ත අනුව පෞද්ගලික වාහන ආනයනය කිරීම නිසා වාර්ෂිකව ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් පිටරටට ගලායයි.
කෙසේවෙතත්, ලොරි, බස්, ට්‍රක් වැනි වාණිජ වාහන මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ භාවිත වන වෑන් රථ ආනයනය කිරීම ලබන මාසයේ ආරම්භ කළ හැකි වනු ඇති බව පැවසේ.
රජයේ අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සඳහා භාවිත කෙරෙන වාහන ද ආනයනය කරනු ලබන්නේ ලබන වසරේ ආරම්භයේ සිට පෞද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කළ පසුව පමණක් බව ද වාර්තා වේ.
මේ වසර අවසන් වන විට විදුලි වාහන සහ පෞද්ගලික මෝටර් රථ ආනයනය කිරීමට රජය මීට පෙර සැලසුම් කර තිබිණි.
එම සැලසුම ද මේ වනවිට ලබන වසර දක්වා කල් දමා තිබේ.
පෞද්ගලික වාහන අතරින් ආනයනයේ වැඩිම ප්‍රමාණයක් වනු ඇත්තේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහාය.
ආර්ථිකය තවමත් ප්‍රමාණවත් ලෙස යථා තත්ත්වයට පත් නොවීම හේතුවෙන් මෙම වාහන ආනයනය අවම වශයෙන් ලබන වසරේ මැයි හෝ ජුනි මාසය දක්වා කල් දැමීමට සිදුවන බව භාණ්ඩාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සාමාන්‍යයෙන් 600 cc කාණ්ඩයේ සිට 800 cc කාණ්ඩය දක්වා වූ එන්ජින් ධාරිතාවක් සහිත කුඩා මෝටර් රථ තොග වශයෙන් ආනයනය කෙරේ.
එබැවින් එවැනි වාහනවල යම් කෝටාවක් පමණක් ආනයනය කිරීමට රජය අවසර දෙනු ඇති බවට තොරතුරු වාර්තා වේ.
එවැනි වාහන ආනයනය කිරීමට මූලික වශයෙන් අවසර දෙනු ඇත්තේ මව් සමාගම්වල බලයලත් දේශීය නියෝජිතයන්ට පමණි.
ලබන වසර ආරම්භයේ සිට වාහන ආනයනය කිරීමට අවසර දීමේ දී ආනයනික කොටස්වලින් වාහන දේශීයව එකළස් කරන සමාගම්වලට ද රජය ප්‍රමුඛත්වය ලබා දෙන බව භාණ්ඩාගාර ආරංචි මාර්ග පවසයි.
මේ අතර වෛද්‍යවරුන්ට සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නිකුත් කර ඇති වාහන බලපත්‍ර 10,000ක් පමණ තවමත් පවතී.
මෙම වාහන ආනයනයට අවසර දීම ගැන සළකා බැලිය හැක්කේ ලබන වසරේ පමණක් වන අතර ඔවුන්ගේ වාහන තොග වශයෙන් ආනයනය කිරීමට ඉඩ නොදෙනු ඇති බව ද භාණ්ඩාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart