
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සංචාරයක් අතරතුර සිදුවූ රිය අනතුරකින් මියගිය ඉන්දීය පවුලක සාමාජිකයන් වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙස දිල්ලි පාරිභෝගික කොමිසම විසින් සංචාරක සමාගම් දෙකකට නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත්ය්කර ඇත්තේ තෝමස් කුක් සහ රෙඩ් ඇපල් ට්රැවල් යන සමාගම් වෙතය.
යෝගේෂ් සයිගල් නම් ඉන්දීය ජාතිකයා ඔහුගේ බිරිඳ, පුතා, දියණිය සහ මාමණ්ඩිය සමඟ 2019 වසරේ මෙරට සංචාරයක් සඳහා පැමිණ තිබිණි.
ඒ වෙනුවෙන් ඔහු 2019 නොවැම්බර් මාසයේදී තෝමස් කුක් සමාගම හරහා රුපියල් ලක්ෂ 3.56කට නිවාඩු පැකේජයක් වෙන් කරවා ගෙන ඇත.
මෙම පැකේජයට නවාතැන්, විවිධ ස්ථාන නැරඹීම, ප්රවාහනය සහ සංචාරක රක්ෂණය ඇතුළත් විය.
සංචාරය අතරතුර 2019 දෙසැම්බර් 23 වැනි දින සයිගල්ගේ පවුල රැගත් වාහනය කොළඹදී කන්ටේනර් රථයක ගැටීමෙන් ඔහුගේ බිරිඳ, පුතා සහ මාමණ්ඩිය මියගොස් තිබිණි.
සයිගල්ටද අස්ථි බිඳීම් ඇතුළු බරපතළ තුවාල හේතුවෙන් පීඩා සිදු වූ අතර ඔහුගේ දියණිය ද ශාරීරික කම්පනයකට ලක්ව තිබිණි.
ඔවුන්ගේ ගමන ආරම්භ වීමට පැය කිහිපයකට පෙර තෝමස් කුක් සමාගම විසින් රෙඩ් ඇපල් ට්රැවල් ආයතනය විසින් ශ්රී ලංකාවේ කටයුතු කළමනාකරණය කරන බවට තමාට දන්වා තිබූ බවත්, එය වෙන්කරවා ගැනීමේ ක්රියාවලියේදී තමාට හෙළි නොකළ බවත් පැමිණිලිකරු සිය පෙත්සමින් වැඩිදුරටත් චෝදනා කර තිබේ.
රෙඩ් ඇපල් ට්රැවල් හි සම්බන්ධය ගමනට පැය 36කට පෙර පමණක් හෙළිදරව් වූ බැවින් විකල්පයක් නොමැති තැන සහ සම්පූර්ණ මුදල අහිමි කර ගැනීමේ අවදානම හේතුවෙන් සංචාරය සඳහා පැමිණි බවට සයිගල් තවදුරටත් චෝදනා කළේය.
අනතුරෙන් පසු 2021 පෙබරවාරි 24 වැනි දින සයිගල් විසින් තෝමස් කුක් වෙත නීතිමය දැනුම්දීමක් සිදුකරමින් නොසැලකිලිමත්කම, සේවාවල ඌනතාව, අසාධාරණ වෙළඳ හැසිරීම් සහ නොමඟ යවන දැන්වීම් සඳහා රුපියල් කෝටි 8.99 ක වන්දියක් ඉල්ලා සිටියේය.
සිය පැමිණිල්ලේ දී සයිගල් තර්ක කළේ තෝමස් කුක් සංචාරය සඳහා ආරක්ෂිත සහ විශ්වාසදායක කොන්ත්රාත්කරුවන් සහතික නොකිරීමෙන් තම රැකවරණය පිළිබඳ වගකීම පැහැර හැර ඇති බවයි.
සංචාරක සමාගම් දෙකේ නොසැළකිලිමත්කම හේතුවෙන් ඔහුගේ පවුල අහිමි වීම හේතුවෙන් මුහුණ දුන් මානසික හා ශාරීරික කම්පන සැළකිල්ලට ගනිමින්, දිල්ලි ප්රාන්ත පාරිභෝගික ආරවුල් විසඳීමේ කොමිසම සිය නියෝගය ප්රකාශයට පත්කරමින් සයිගල්ගේ පැත්ත ගත්තේය.
සයිගල්ගේ බිරිඳගේ ජීවනෝපාය අහිමි වීම සහ අනාගත අපේක්ෂාවන් ද එහිදී සැළකිල්ලට ගන්නා ලදී.
ඒ අනුව සයිගල්ට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙස දිල්ලි පාරිභෝගික කොමිසම විසින් අදාළ සංචාරක සමාගම් දෙකට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart