July 20, 2024

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැරහැර ඇති මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවවාදාත්මක ලිපි යොමු කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.

වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 67කි.

වත්කම් බැරකම් පනත අනුව සෑම මන්ත්‍රීවරයකුම සෑම වර්ෂයකදීම ජුනි මස 30 වැනිදාට ප්‍රථම වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදිය යුතු වෙයි.

නව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත අනුව, වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන්ට දඩයක්, සිරදඬුවමක් හෝ ඒ දෙකම හෝ පැනවීමේ බලය හිමි වී ඇත.(ලංකාදීප)