
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංගලාදේශය පුරා ඇඳිරි නීතිය පැනවීමට සහ රට පුරා හමුදාව යෙදවීමට එරට රජය පියවර ගෙන තිබේ.
එරට අගමැති ෂීක් හසීනාගේ මාධ්‍ය ලේකම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ රජයේ රැකියා කෝටාවන්ට එරෙහිව ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද විරෝධතා ඉහළ යෑමත් සමග බංගලාදේශ රජය මෙම පියවර ගෙන ඇති බවයි.
සිකුරාදා රාත්‍රියේ වන විට විරෝධතාවලින් මියගිය මුළු සංඛ්‍යාව 105 දක්වා ඉහළගොස් ඇති බව රෝහල් වාර්තා උපුටා දක්වමින් AFP පුවත් සේවය ද වාර්තා කර තිබිණි.
ඩකා හි එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසුවේ, බංග්ලාදේශය පුරා මරණ 40කට වැඩි ප්‍රමාණයක් සහ තවත් දහස් ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා පෙන්වා දෙන බවයි.
පකිස්ථානයෙන් නිදහස ලබා ගැනීම සඳහා සටන් කළ අයගේ පවුල් සඳහා රජයේ රැකියාවලින් 30%ක් වෙන්කිරීමේ කෝටාවට එරෙහිව ශිෂ්‍ය ප්‍රජාවගේ කෝපය මත මෙම විරෝධතා ආරම්භ විය.
බංගලාදේශය හටගෙන ඇති නොසන්සුන්තාව මේ වසරේ ෂීක් හසීනා නැවත තේරී පත්වීමෙන් පසු ඇති වූ විශාලතම නොසන්සුන්තාව ලෙස සැළකේ.
බංගලාදේශයේ මිලියන 170ක ජනගහනයෙන් පහෙන් එකකට ආසන්න තරුණයන් අතර පවතී ඉහළ විරැකියා ගැටලුව දැනට ක්‍රියාත්මක විරෝධතා ඉහළයෑමට තවත් හේතුවක් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart