
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තිරප්පනේ,උලගල්ල වන්නම්මඩුව අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටින ‘අග්බෝ’ හස්තියාගේ ඇසට කැටපෝලයකින් විද හිංසා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අක්කර පනහ, ප්‍රදේශයේ පුද්ගලයෙකි.
මෙම පහරදීම සම්බන්ධය වන අලි සුරැකීමේ සංවිධානයක් විසින් තිරප්පනය පොලිසියට සිදු කල පැමිණිල්ලකට හා පුද්ගලයකු විසින් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදුන් තොරතුරකට අනුව විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තිරප්පනේ ප්‍රදේශයේ වාස භූමිය කර ගනිමින් ජීවත්වන හස්තියකු වන අග්බෝ මීට වසරකට පෙර පාදයකට සිදු වූ වෙඩිවැදීමක් හේතුවෙන් බරපතල තුවාල සිදුවිය.
බඳින තුවක්කු කදක් පත්තුවීම හේතුවෙන් ඉදිරි වම් පාදයට ඇති වූ තුවාල හේතුවෙන් වනජීවි අංශ, පශු වෛද්‍ය නිලධාරීන් විසින් 100ට වැඩි වතාවක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මෙම හස්තියා තරමක සුව අතට හැරිණි.
මේ වන විට අග්බෝ හස්තියා ප්‍රදේශයේ, භෝග වගාවන් විනාශ කරමින් ගම්මාන වල සැරිසරන අතර නිරන්තරයෙන් ගම්වාසීන්ගේ ප්‍රහාරවලට ලක්වන බව වන අලි ඇතුන් සුරැකීමේ සංවිධානයක නියෝජිතයකු පැවසීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart