
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ මෙරටදී නීතිවිරෝධීව සංවිධානාත්මකව මුල්‍ය ගනුදෙනු කළ ගිණුම් 46ක රුපියල් කෝටි 5000ක් ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ පොලිස් පරික්ෂක උපුල් ගල්වල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී හෙළිකළේය.
නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනු සිදුකිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකිකයන් පස්දෙනකු ඇතුළු විදේශිකයන් 35 දෙනකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (18) ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිස් පරික්ෂකවරයා විවෘත අධිකරණයේදී මේ බව සඳහන් කළේය.
එහිදි සැකකරුවන් 40 දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් පරික්ෂක වරයා සඳහන් කළේ 2024 ජුනි 22වැනි දින පමණක් උදේ 10.30 සිට රාත්‍රී 10.30 වන තුරු කාලයේදී මෙම කණ්ඩායම ලක්ෂ 880ක් ඉක්මවා උපයා ඇති බවයි.
මෙම සිද්ධියේදී, පළමු සැකකරු වන ප්‍රවීන් බණ්ඩාර නමැත්තා මහමොළකරු වශයෙන් කටයුතු කර ඇති අතර, ඔහු ඩුබායි රටේදි මේ සඳහා මනා පුහුණු ලබා ඇති බවද පොලිසිය පෙන්වා දුන්නේ ය.
මෙම ජවාරම කිරීම සඳහා මිගමුව ප්‍රදේශයෙන් කාමර 30කින් යුත් හෝටලයක් සම්පුර්ණයෙන් වෙන්කරගෙන ඇති අතර ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂ 80ක් ගෙවා ඇති බවද පොලිස් පරික්ෂක වරයා කියාසිටියේය.
පෙර නඩු වාරයේදී නියෝග කළ පරිදි ලංකාවේ මුදල් රුපියල් ලක්ෂ 22ක් මෙහිදී අධිකරණයේ තැන්පත් කළ අතර විදේශීය මුදල් මහබැංකුවේ තැන්පත් කිරිමට කටයුතු කළ බවත්, සම්පුර්ණයෙන්ම අත්අඩංගුවට ගත් නෝට්ටු වශයෙන් රුපියල් කෝටි එකාමාරක් ඒ අනුව රජය භාරයේ තබා ඇති බව සඳහන් කෙරිණි.
ඉදිරියේ දී පරික්ෂණ කටයුතු සඳහා සිංගප්පූරු සහ චීන ජාතික කණ්ඩායමක් මෙරටට පැමිණිමට නියමිත බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
සැකකරුවන් බොහෝ අවස්ථාවලි කටඋත්තර ගැනීමේදී සාවද්‍ය ප්‍රකාශ කරන බැවින් විමර්ශන කටයුතු නිසි ලෙස අවසන් කරන තුරු ඇප ලබානොදෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේ ය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරු 40ක් පමණ පෙනීසිටි අතර සැකකරුවන් වෙනුවෙන් වෙනවෙනම කරුණු දක්වමින් ඇප ඉල්ලා සිටියහ.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසයි.
එමෙන්ම සැකකරුවන් 4 දෙනෙකුට ඇප නියම කළ අතර අනෙක් සැකකරුවන් 36දෙනා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart