
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පරීක්‍ෂණ මගින් තහවුරු වී ඇති බවත් ඔහු සියුම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් ධවල මන්දිරය පවසයි.
ඔහුගේ මාධ්‍ය ලේකම් ජීන් පියරේ පැවසුවේ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාට එන්නත් ලබා දී ඇති බවයි.
ඔහුට මීට පෙර අවස්ථා දෙකකදී ද කොවිඩ් 19 ආසාදනය වී තිබිණි.
81 හැවිරිදි බයිඩ්න් ඊයේ ලාස් වේගාස් හි ආධාරකරුවන් හමුවීමට පැමිණි ආකාරය සහ උත්සවයකදී කතා කරන අයුරු දැකගත හැකි විය.
ඔහු පසුව රාත්‍රියේ පැවති ප්‍රචාරක වැඩසටහනක් අවලංගු කර ඇත.
ජීන් පියරේ සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා ඩෙලවෙයාර් හි පිහිටි ඔහුගේ නිවසේ හුදෙකලා වීමට සැලසුම් කර ඇති අතර එම කාලය තුළ එහි සිට ඔහුගේ සියලු රාජකාරි සම්පූර්ණයෙන්ම ඉටු කරනු ඇති බවයි.
ලාස් වේගාස් සංචාරයේ වාර්තාකරුවන් පැවසුවේ නිවේදනයෙන් පසු ඔවුන් ඉක්මනින් නගරයේ ගුවන් තොටුපළ වෙත ගිය බවයි.
ඔහු සෙමින් හා ප්‍රවේශමෙන් ගුවන් යානයට ගොඩවන ආකාරය දක්නට ලබුණුද මුව ආවරණයක් පැළඳ නොසිටි බව ද ඔවුන් සඳහන් කර තිබේ.
ඔහු එයාර් ෆෝස් වන් වෙත ගොඩවන විට ඔහු තමාට දැන් සුවයක් දැනෙන බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ වෛද්‍ය කෙවින් ඕ’කොනර් පැවසුවේ බයිඩ්න්ට නාසයෙන් දියර ගැලීම සහ කැස්ස ඇතුළු ශ්වසන රෝග ලක්ෂණ ඇති අතර ඔහුට පැක්ස්ලොවිඩ් පළමු මාත්‍රාව ලබාදුන් බවයි.
තමන්ට සුබ පැතූ සහ සුවය පැතූ සැමට බයිඩ්න් පසුව X හි සටහනක් තබමින් ස්තූතිය පළකර තිබිණි.
තවත් සටහනක ඔහු සඳහන් කර තිබුණේ “… ඉලෝන් මසක් සහ ඔහුගේ ධනවත් මිතුරන් මෙම මැතිවරණය මිලදී ගැනීමට උත්සාහ කරනවා. ඔබ එකඟ නම්, මෙතැනට පිවිසෙන්න,”යනුවෙනි.
කෙසේ වෙතත් එක්සත් ජනපද කොංග්‍රසයේ ඉහළම ඩිමොක්‍රටික් පාක්ෂිකයන් දෙදෙනා වන සෙනෙට් බහුතර නායක චක් ෂුමර් සහ හකීම් ජෙෆරීස් යන දෙදෙනාම මීට පෙර වෙන වෙනම බයිඩ්න් හමු වී ඔහුගේ අපේක්ෂකත්වය අනෙකුත් සභා සහ සෙනෙට් තරඟවලට අහිතකර ලෙස බලපානු ඇතැයි දැඩි ලෙස කණස්සල්ල පළ කර ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart