
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2011 වසරේ සිට ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඉරානයට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 251න් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය හරහා ගෙවා ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය නිවේදනය කරයි.
තේ අපනයනය ණය පියවීමේ ක්‍රමවේදයක් ලෙස භාවිත කිරීමට ශ්‍රී ලංකා සහ ඉරාන රජයන් අතර අත්සන් කර ඇති උපායමාර්ගික ගිවිසුමකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොවිඩ්-19 වසංගතය ආර්ථිකයට එල්ල කළ දැඩි බලපෑම, 2011 වසරේ සිට පැනවූ යුරෝපීය සම්බාධක, පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තයේ බිඳවැටීම සහ සමස්ත ආර්ථික පසුබෑම ඇතුළු විවිධ ආර්ථික අභියෝග හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා ගෙවිය යුතු හිඟ මුදල් වසර ගණනාවක් පුරා එකතු විය.
ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලියට බාධා කරමින් ඩොලර් හිඟයක් ඇති වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් පවසන්නේ, ජූලි 15 වැනිදා වන විට මෙම ගෙවිය යුතු ගෙවීම්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් තේ අපනයනය හරහා පියවා ඇති බවයි.
ඉරානයට අපනයනය කරන තේ ප්‍රමාණයේ කැපීපෙනෙන වැඩිවීමක් ද සභාපතිවරයා පෙන්වාදෙන අතර, එය ණය පියවීමට සහාය වෙමින් තුන් ගුණයකින් වැඩි වී තිබේ.
2023 වසරේ එම කාලය තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 1.85 ට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස පහ තුළ ඉරානයට තේ කිලෝග්‍රෑම් මිලියන 4.98ක් අපනයනය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය බර අඩු කරනවා පමණක් නොව, දෙරට අතර වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම ද සිදු වන අතර, නිර්මාණාත්මක ආර්ථික විසඳුම් මගින් මූල්‍ය අභියෝගවලට මුහුණ දිය හැකි ආකාරය සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කළ හැකි ආකාරය පෙන්නුම් කරන බව අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart