
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උප්පුවේලි ප්‍රදේශයේ ගිනිගත් වාහනයක් තුළ තිබී පුද්ගල මළසිරුරක් හමුව තිබේ.
මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ වයස අවුරුදු 41 ක පුද්ගලයකු මෙලෙස ඝාතනය කර ඔහුගේ සිරුර වාහනය තුළට දමා ගිනි තබා ඇති බවයි.
පෞද්ගලික ආරවුලක් මත ඊයේ (14) අලුයම මෙම ඝාතනය සිදුකර ඇත.
මිය ගිය පුද්ගලයා ත්‍රිකුණාමලය අලස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු එම ප්‍රදේශයේම වෙළඳසැලක් පවත්වාගෙන යන අයෙකු බව පොලිසිය පවසයි.
සිද්ධිය වූ දින ඔහු තවත් දෙදෙනකු සමඟ වෙළෙඳසල තුළ සිටියදී ප්‍රහාරකයන් යතුරුපැදියකින් පැමිණ ඇති බව දැනට කළ විමර්ශන් මගින් හෙළිවී තිබේ.
ඔවුන් මෙම පුද්ගලයාට පහර දී, ඔහුගේම ඩබල් කැබ් රථයකින් පැහැරගෙන ගොස් පසුව ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
පසුව ඔහුගේ සිරුර මොරවැව ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයකට ගෙන ගොස් එම වාහනය තුළම තබා සැකකරුවන් විසින් ගිනි තබා ඇති බව පැවසේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඉන් එක් අයකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.
ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන මුගුරක් ද සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart