
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අද අවධාරණය කළේය.
ඔහු ඉල්ලා සිටියේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයාට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේ ඇතැම් පාර්ශ්ව මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බැවින් විපක්ෂ නායක ප්‍රේමදාසගේ ආරක්ෂාව පිළිබඳව ද තමන්ට සැකයක් පවතින බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වික්‍රමරත්න, හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයක් ලෙස හෙළා දකින බවත් දේශපාලනඥයන් එවැනි දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත් සඳහන් කළේය.
වික්‍රමරත්න මන්ත්‍රීවරයා කියා සිටියේ, “මේ සිද්ධිය දැනගත් විගස මම පැහැදිලිවම රජයට කිව්වා සජිත් ප්‍රේමදාසගේ ආරක්‍ෂාව ගැන සොයා බැලිය යුතු බවත්, ඒ සඳහා ඔවුන් වගකිව යුතු බවත්” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart