
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර ප්‍රජාව සඳහා නිවාස, ධීවර උපකරණ සහ සහල් ඇතුළු රුපියල් බිලියන 1.5ක් වටිනා මානුෂීය ආධාර චීනය විසින් ප්‍රදානය කර තිබේ.
මෙය පිරිනමනු ලබන්නේ රුපියල් මිලියන 500 බැගින් වූ ආධාර පැකේජ තුනක් යටතේය.
සංවර්ධනය, ජීවනෝපාය සහ ආයෝජන ව්‍යාපෘති සඳහා ඉන්දියාව විශාල වශයෙන් ආයෝජනය කර ඇති උතුරු සහ නැගෙනහිර පළාත් දෙකට චීනය විසින් පිරිනමන විශාලතම ආධාර පැකේජය මෙය වනු ඇත.
ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසන්නේ චීනයේ මෙම ත්‍යාගශීලී ප්‍රදානය දෙරට වසර ගණනාවක් පුරා පවත්වාගෙන ගිය සමීප සබඳතා පිළිබඳ සාක්ෂියක් බවයි.
මෙරට අවශ්‍යතා ආරක්ෂා කරමින් මෙරට ජනතාවට සහාය වීමට කැමති ඕනෑම අයකුගෙන් සහාය ලබා ගන්න බව ඔහු ප්‍රකාශ කර තිබේ.
චීන ප්‍රදානයක් ලෙස ලැබෙන සහල් බෙදාදීමේ පළමු අදියර පසුගිය සිකුරාදා යාපනයේ දී ක්‍රියාවට නංවා තිබුණේ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි.
මේ වනවිට කන්ටේනර් මගින් යාපනයට ගෙනවිත් තිබෙන පෙර සැකසූ නිවාස ඒකක ඉදිරියේ දී පළාත් දෙකේ ධීවර ප්‍රජාව අතර බෙදාදීමට නියමිතය.
යාපනය දිස්ත්‍රික්කය සඳහා ඒකක 116ක් වෙන් කර ඇති අතර කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කල්මුණේ යන ප්‍රදේශවලට ඒකක 64 බැගින් බෙදා හැරීමට නියමිතය.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී චීනය දිවයින පුරා ධීවර යාත්‍රා 27,000කට භූමිතෙල් පරිත්‍යාග කළ අතර ඒ යටතේ එක් බෝට්ටුවකට ලීටර් 150ක් ලැබිණි.
මෙය ක්‍රියාවට නංවා තිබුණේ පසුගිය වසරේ ශ්‍රී ලංකාව අත්විඳින ලද දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර ප්‍රජාව මුහුණ දුන් දුෂ්කරතා සැළකිල්ලට ගනිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart