
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වර්ෂාවෙන් බලපෑමට ලක් වූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵල තීරණය කිරීම සඳහා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායේ සම නිර්මාණකරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මියගොස් තිබේ.
මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 84කි.
විදෙස් ජනමාධ්‍ය පවසන්නේ ඔහු පසුගිය 21වැනිදා මියගොස් ඇති බවයි.
ඉංග්‍රීසි සංඛ්‍යා ලේඛනඥයන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද මුල් ක්‍රමය 1997 දී ප්‍රථම වරට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත කරන ලද අතර, පසුව එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) විධිමත් ලෙස සකස් කර සම්මත කරගනු ලැබිණි.
ඩක්වර්ත් සහ ලුවිස් යන දෙදෙනාටම 2010 වසරේදී MBE (Member of the Order of the British Empire) ප්‍රදානයක් ද සිදුකළේය.
ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායේ අනෙක් සම නිර්මාණකරු වන ටෝනි ලුවිස් 2020 වසරේදී මියගියේය.
මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 78කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart