
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තීරුබදු නොගෙවා, කටුනායක ගුවන් තොටුපොළේ ‘හරිත මාවත’ ඔස්සේ රහසේ ගෙන යමින් තිබූ රුපියල් එක්කෝටි තිස්ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත විස්කි බෝතල් සහ දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයන් තිදෙනකු පෙරේදා (09) කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට පත්වූ ව්‍යාපාරිකයන් 30 හැවිරිදි කොළඹ 14 පදිංචිකරුවකු, කොළඹ 12 පදිංචි 38 හැවිරිදි පදිංචිකරුවකු සහ 52 හැවිරිදි හැටන් පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
ඔවුන් පෙරේදා (09) පස්වරු 04.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.-281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ රාත්‍රී 09.00 තෙක් ගුවන් තොටුපොළේ රැඳී සිට, ගුවන් තොටුපොළෙන් පිටවීම සඳහා පැමිණ ඇත.
එහිදී ඔවුන් ගුවන් තොටුපොළ සියලුම විමර්ශන නිමකර ‘හරිත මාවත’ ඔස්සේ ගුවන් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොටුපොළෙන් පිටවීම සඳහා ගමන් කරමින් නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඔවුන් සිය ගමන් මලුවල විස්කි බෝතල් 124 ක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,800 ක් අඩංගු දුම්වැටි කාටූන් නවයක් සඟවාගෙන තිබී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපොළෙන් ඕනෑම ගුවන් මගියකුට මත්පැන් ලීටර් 2.5 ක් නීත්‍යනුකූලව පිටතට රැගෙන යා හැකි වුවද මොවුන් ලීටර් 124 ක් රැගෙන යමින් සිට ඇතැයි අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ සමඟ සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart