
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ Kaspersky Security Network ඇති පරිගණකවල 2023 දී දේශීය සිදුවීම් මිලියන15ක් අනාවරණ වූ බව Kaspersky ආයතනය පවසයි.
ඒ අනුව අදාළ කාලසීමාවේ දී ශ්‍රී ලංකාවේ පරිශීලකයන්ගෙන් සියයට 46කට ආසන්න ප්‍රමාණයක් දේශීය තර්ජනවලට ලක්ව තිබේ.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ KSN ඇති පරිගණකවල අන්තර්ජාලය හරහා පැතිරෙන විවිධ සයිබර් තර්ජන මිලියන 9.3ක් අනාවරණ කරගෙන ඇත.
සමස්තයක් වශයෙන්, මෙම කාල සීමාව තුළ පරිශීලකයන්ගෙන් සියයට 39.5ක් වෙබ් තර්ජනවලට ලක්ව තිබේ.
“ශ්‍රී ලංකාව තුළ, USB වැනි මාධ්‍ය හරහා හානිකර මෘදුකාංග ව්‍යාප්ත වීමේ ඉහළ සම්භාවිතාවක් අපි නිරීක්ෂණය කළා. බොහෝ විට ආරම්භක ඩිජිටල් ආරක්‍ෂාව මග හරිමින් මෙම ප්‍රහාර දේශීය පද්ධතිවල ඇති දුර්වලතා උපයෝගී කර ගන්නවා” යනුවෙන් අග්නිදිග ආසියාවේ Kaspersky සාමාන්‍යාධිකාරී Yeo Siang Tiong පැවසීය.
Kaspersky හි නව නිෂ්පාදන පෙළ දියත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින Tiong සඳහන් කළේ, Drive-by download උපක්‍රම උපයෝගී කරගනිමින්, බ්‍රව්සර් හරහා ප්‍රහාරවලින් බහුතරයක් ක්‍රියාත්මක වන බවයි.
Kaspersky සිය නව ප්‍රමුඛතම නිෂ්පාදන පෙළ වන ‘Kaspersky Next’ ඊයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.
මෙම විසඳුම XDR හි දෘශ්‍යතාව සහ ප්‍රබල මෙවලම් සමඟ EDR (Endpoint Detection and Response) හි විනිවිදභාවය සහ වේගය සමඟ ආරක්ෂාව ඒකාබද්ධ කරයි.
නව විසඳුම පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා, ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ යටිතල ව්‍යුහයේ සංකීර්ණත්වය සහ පවතින සම්පත්වලට ගැළපෙන නිෂ්පාදන ස්ථර තුනකින් තෝරා ගැනීමට හැකිවන ලෙස ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart