
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන්යානා සඳහා ඉන්ධන ලබාදීමේ හැකියාව කඩිනම් කිරීම වෙනුවෙන් මීට වසර හයකට පෙර ලබාදුන් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව මෙතෙක් අවසන් කර නොමැති බව පෙනීගොස් තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කටුනායක ගුවන් යානා තෙල් අංශයේ පරිපාලන ගොඩනැගිල්ලක්,පොම්පගාරයක් ඇතුළු ඉදිකිරීම් කටයුතු නව තාක්ෂණික අංග උපාංග ඇතුළත් කරමින් ඉන්ධන ගුවන්යානා සඳහා ලබාදීමේ හැකියාව කඩිනම් කිරීමේ ව්‍යාපෘතියක් ලෙස WEC engineering නැමැති සමාගමක් වෙත ඩොලර් මිලියන පනස් එකක ඇස්තමේන්තු පිරිවැයක් සහිතව තෙල් සංස්ථාව විසින් පිරිනමා තිබුණේ 2017 වසරේදීය.
ඒ, නියමිත යෝග්‍යතා ප්‍රමිතීන්ට අනුව හා තාක්ෂණික ඇගයීම්වලට අනුකූලව මාස තිහක් ඇතුළත එම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු නිමකරමින් කටුනායක ගුවන් තෙල් අංශය වෙත ලබා දීමේ ගිවිසුමි මතය.
එසේම මේ සඳහා අදියර කීපයකදී ගෙවීම් කටයුතු ද සිදුකර ඇත.
මෙම සමාගම සමග ගිවිසුම් ගතවීමේදී ඉදිකිරීම් කටයුතු සඳහා අංග උපාංග භෞතික සම්පත් මිලදී ගැනීමද මෙම WEC කොන්ත්‍රාත් සමාගම් විසින්ම සිදුකළ යුතුය.
එසේ සියලු පහසුකම් සහ මුදල් අදියර වශයෙන් ලබාගෙනත් මේ වන තුරුත් එම ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර නොමැති බව වාර්තා වේ.
මේ සඳහා තෙල් සංස්ථාවේ අධීක්ෂණ නිලධාරීන් ලෙස පත්කර ඇති නිලධාරියාද මෙම ඉදිකිරීම් සම්බන්ධ විෂය පථය පිළිබඳ දැනුමෙන් අඩු නිලධාරියකු බවද වාර්තා වී ඇත.
කෙසේවෙතත් වසර හයකට වඩා වැඩි කාලයක් ගතවී ඇති මෙම ව්‍යාපෘතිය සඳහා තෙල් සංස්ථාවේ නිලධාරීන් කිහිපදෙනෙකු වැටුපෙන් සියයට තිස්පහකට වඩා හෝ ආසන්න මුදලක් අමතර දීමනාවක් ලෙස මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරන බව පවසමින් මේ වන තුරුත් වැටුපට බැරකර ගනිමින් සිටී.
මාස තිහක් වැනි කාලයක් තුළ අවසන් කළ යුතු ව්‍යාපෘතියක් මාස හැටකට වඩා වැඩි කාලයක් කල්ගතවීම තුළ ශ්‍රී ලංකාව තුළ ඩොලරයේ අගය ඉහළ යෑම සහ රුපියල අව ප්‍රමාණය වීමේ හේතූන් මත අදාළ කොන්ත්‍රාත් සමාගමට විශාල මුදලක් තෙල් සංස්ථාව පැත්තෙන් ලබාදීමට සිදුවී ඇත.
අදූරදර්ශී නිලධාරීන් කීප දෙනෙකුගේ අධීක්ෂණය හේතුවෙන් ඔවුන් වැටුපට අමතර දීමනාවන් ලබා ගනිමින් මෙම ව්‍යාපෘතිය හමාර නොකර කල්ගත කරමින් මන්දගාමී ලෙස කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වී තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart