
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිංහල ප්‍රවෘත්ති විකාශයක් කෘත්‍රිම බුද්ධිය (AI තාක්ෂණය) භාවිත කරමින් පළමුවරට ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමට ජාතික රූපවාහිනිය ඊයේ (05) පියවර ගත්තේය.
ඊයේ (05) රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශය රූපවාහිනියේ ප්‍රධාන නිවේදකයන් දෙදෙනා වන නිශාදි බණ්ඩාරනායක සහ චමින්ද ගුණරත්න විසින් ඉදිරිපත් කළ නමුත් එහිදී ඒ සඳහා යොදා ගැනුණේ එම දෙදෙනාගේ අනුරූය.
එම ප්‍රවෘත්ති විකාශයේ වැඩි වේලාවක් ඉදිරිපත් කෙරුණේ මෙම අනුරූ මඟිනි.
AI තාක්ෂණයේ නවතම අත්දැකීමක් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යෑම ජාතික රූපවාහිනියේ අරමුණ වී තිබේ.
AI තාක්ෂණය මිනිසාගේ කටයුතු පහසු කරගැනීම සඳහා ලොව පුරා භාවිත කරන නවීනතම සහ ප්‍රමුඛතම තාක්ෂණික මෙහෙයුමකි.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මඟින් මින් පෙර අවුරුදු චාරිත්‍ර මෙම තාක්ෂණය භාවිත කරමින් ප්‍රේක්ෂක ජනතාව වෙත ඉදිරිපත් කළ අතර ඊට රට පුරා මෙන්ම ලෝකය පුරා විසිරි සිටින ලක්ෂ සංඛ්‍යාත ප්රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.
ඉදිරියේදී මෙම තාක්ෂණය උපයෝගී කරගෙන තවත් නව අත්දැකීම් ජනතාවට ලබාදීමට ජාතික රූපවාහිනිය කටයුතු කරමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart