
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට දේශපාලන පක්ෂ කිහිපයක සාමාජිකයන් පැමිණීමට නියමිත බැවින් මැයි දිනයේ දී දේශපාලන දෙදරීමක් අපේක්ෂා කරන බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ බියගම ආසනයේ නියාගම ප්‍රදේශයේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදීය.
“එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අනාගත දේශපාලන පෙරළියකට සංඥාවක් දෙන එකක් වෙයි,” යනුවෙන් ඔහු එහිදී පවසා තිබේ.
මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියේදී ඉන්දීය ගායක ගායිකාවන් දෙදෙනෙකු ද දේශීය කලාකරුවන් සමඟ එක්ව ගී ගායනා කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කර තිබේ.
ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ රැජින ලෙස සැළකු අභාවප්‍රාප්ත ලතා මංගේෂ්කාර් මීට පෙර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියකදී ප්‍රසංගයක් ඉදිරිපත් කළ බව ද රුවන් විජේවර්ධන සිහිපත් කර තිබිණි.
“රට ක්‍රමක්‍රමයෙන් ස්ථාවරත්වය කරා ගමන් කරන නමුත් එහි සම්පූර්ණ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ 2025 දී පමණයි. ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වුවහොත් වත්මන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිපතිවරයා ජයග්‍රාහකයා වීම ස්ථිරයි. කෙසේවෙතත් එය ලබන වසරට කල් දැමීමට ක්‍රමයක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා.”යනුවෙන් ඔහු පවසා තිබේ.
තවද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට පාසල්වලට බස්රථ බෙදා දීමටත්, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක රැස්වීම් සඳහා බස් රථ ගෙන්වා ගැනීමටත් මුදල් ලබා ගත්තේ කොහෙන්ද යන්න සොයා බැලිය යුතු බවද ඔහු එම රැස්වීමේ දී සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart