April 28, 2024

සේවකයන්ට ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින්, සේවක අර්ථසාධක අරමුදලේ (EPF) පොළී අනුපාතය දැනට පවතින 9% සිට 13% දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇත.

අරමුදලේ සුවිශේෂී ආයෝජන කාර්ය සාධනය අනුව මෙම තීරණය ගෙන ඇත.

සේවක අර්ථසාධක අරමුදල සඳහා 2023 වසර පුරාවට වැඩි කළ පොළී අනුපාතිකය ගෙවීම තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර ඇත.

ආණ්ඩුව මේ වසර අවසානයේ මැතිවරණයකට සූදානම් වේ.