
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සමකට අදාළව මැයි 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර ඇත.
පෙත්සම්කාර හිෂාම් ජමාල්ඩීන් චෝදනා කළේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයක් පවතින අතරතුර තමාට ඇප ලබාදීමේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය සම්බන්ධයෙන් වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළ බවයි.
වගඋත්තරකාර පාර්ශවයේ ක්‍රියාකලාපය දැනට පවතින අධිකරණ ක්‍රියාදාමයට ඇඟිලි ගැසීමක් හා යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් මහජනතාවගේ සිත් තුළ සැකයක් ඇති කිරීමට උත්සාහ කිරීමක් හා සමාන වන බවට එමගින් චෝදනා එල්ල කර තිබේ.
ඒ අනුව 2024 අංක 08 දරන අධිකරණයට, විනිශ්චය සභාවට හෝ ආයතනවලට අපහාස කිරීමේ පනතේ 10(3)(a) වගන්තිය යටතේ අදාළ වන පරිදි නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට 2024 මැයි 8 වැනි දින අභියාචනාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් සර්රවනාන් නීලකන්දන් නීතිඥ සංගමයේ උපදෙස් මත ගමිඳු කරුණාසේන සමඟ නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart