
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවට පළාගිය සිව් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පවුලක් රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ධනුෂ්කොඩි හිදී ඉන්දීය වෙරළාරක්ෂක භටයින් විසින් සිය භාරයට ගෙන තිබේ.
එරට මාධ්‍ය වාර්තා කරන පරිදි මෙලෙස ඉන්දියාව බලා ගොස් ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන ආර්. මුරුගානන්දන් (45), ඔහුගේ බිරිඳ රීටා මේරි (46) සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනායි.
ඔවුන් මුදල් ගෙවා ශ්‍රී ලංකාවෙන් සිකුරාදා රාත්‍රී 9.30ට පමණ නීතිවිරෝධී යාත්‍රාවකට නැඟී ඇති අතර රාත්‍රී 10.30ට පමණ අරිචල්මුනේ වැල්ලකට ගොඩ බස්සවා ඇත.
ඉන්දීය වෙරළාරක්ෂක භටයන් විසින් මෙම පවුල මණ්ඩපම් වෙත ගෙනැවිත් මණ්ඩපම් සමුද්‍ර පොලිසියට භාර දී ඇත.
එම පවුල ආර්ථික අර්බුදය හේතුවෙන් රට හැර ගොස් ඇති බව විමර්ශනයේදී නිලධාරීන්ට අනාවරණ වී තිබේ.
පසුව ඔවුන් මණ්ඩපම් පුනරුත්ථාපන කඳවුරට යවා ඇත.
මෙම සිව්දෙනා සමග රාමේෂ්වරම් වෙත පැමිණි මුළු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මේ වනවිට 298 දක්වා ඉහළ ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart