
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය දමිළ නළු ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්ත වී තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු ඔහු ඊයේ අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
මියයන විට ඩැනියෙල් බාලාජි 48 හැවිරිදි වියේ පසුවිය.
ඩැනියෙල් බාලාජි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත.
එහිදී ‘චිත්ති’ කතා මාලාවේ ඔහු රංගනයෙන් දායක වූ චරිතය සඳහා ඉහළ රසික ප්‍රතිචාර හිමිවිය.
ඉන් අනතුරුව චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි ඩැනියෙල් බලාජී Kaakha Kaakha, Polladhavan, Vettaiyadu Vilayaadu සහ Vada Chennai ඇතුළු චිත්‍රපට 40කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.
එමෙන්ම ඔහු තෙළිඟු සහ මලයාලම් චිත්‍රපටවල ද රංගනයෙන් දායක වී තිබේ.
ඩැනියෙල් බලාජිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පුරසයිවල්කම් හිදී සිදුකිරීමට නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart