March 18, 2024

පසුගිය දින 14වැනි දින ඇල්ල දුම්රිය ස්ථානයට ජලය සැපයෙන නළ පද්ධතිය අයත් කොටසේ අලුත්වැඩියා කටයුතු කිරීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු යොදා ඇත.

එම අළුත්වැඩියා කටයුතුවලින් පසුව ඊට පෙර ඇල්ල දුම්රිය ස්ථානය වෙත ජලය සැපයෙන සාමාන්‍ය පීඩන තත්ත්වය වඩා අඩු පීඩනයකින් ජල සැපයුම ඇල්ල දුම්රිය ස්ථානය වෙත ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් ඇල්ල දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත හා අදාළ වගකිවයුතු බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කොට ඇත.

එසේම ඇල්ල ප්‍රාදේශීය සභාව හරහා දිනකට දෙවරක් ජල බවුසර් මගින් ජලය සැපයුවද, එය පැමිණෙන විදේශිකයන්ගේ පහසුව සඳහා ප්‍රමාණවත් වී නොමැත.

ඒ හේතුවෙන් එම වැසිකිළි පද්ධතිය තාවකාලික වසා දැමීමට තීරණය කොට ඇත.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මැදිහත්ව ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කොට ඇති අතර, ඒ අනුව අද දින ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් විසින් ඇල්ල දුම්රිය ස්ථානයේ පරික්ෂාවක් සඳහා පැමිණීමට නියමිත බවට වාර්තා වේ.

කෙසේවෙතත් ඇතැම් පාර්ශ්ව චෝදනා කරන්නේ මෙලෙස ජාල සපැයුම අත්හිටුව ඇත්තේ, ඇල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක සංචාරක මාෆියාව විසින් බවයි.

පහතින් දැක්වෙන්නේ, එවැනි චෝදනාවක් එක්කර ඇති ෆේස්බුක් සටහනකි.