March 18, 2024

නාරා­හේ­න්පිට පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිර­තව සිටි පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු, තෙල්දෙ­ණිය පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිර­තව සිටි උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු සහ හෝමා­ගම පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිර­තව සිටි පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු, පොලිස් සේවයේ නිර­තව සිටින අතරතුර හොරරහසේ රට රැකි­යා­වක් සොයා විදෙ­ස්ග­තව ඇති බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෙම නිල­ධා­රීන් තිදෙ­නාට සේවය අත­හැර යෑමේ නියෝග නිකුත් කිරී­මට නුගේ­ගොඩ සහ කොළඹ දකුණ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­වරු පෙරේදා (15) පිය­ව­ර­ගෙන තිබිණි.

නාරා­හේ­න්පිට පොලි­සියේ සේවයේ නිරත පොලිස් පරී­ක­ෂ­ක­ව­රයා පෙබ­ර­වාරි 03 වැනිදා සිට රාජ­කා­රි­යට වාර්තා කර නොමැති බවත්, ඔහු පෙබ­ර­වාරි 13 වැනිදා රටින් පිටව ගොස් ඇති බවත් අනා­ව­ර­ණය වී තිබේ.

තෙල්දෙ­ණියේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාද පෙබ­ර­වාරි 03 වැනිදා සිට සේව­යට වාර්තා නොකර සිට රටින් පිටව ගොස් ඇති බව සඳ­හන්ය.

හෝමා­ගම පොලි­සියේ කොස්තා­ප­ල්ව­රයා දින දෙකක නිවාඩු ලබා සිට 2023 වසරේ නොවැ­ම්බර් 15 වැනිදා සිට සේව­යට පැමිණ නැත.

ඒ ගැන සොයා බැලීමේ දී අනා­ව­ර­ණය වී ඇත්තේ ඔහු රටින් පිටව ගොස් ඇති බවය.

බදුල්ල කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගා­රයේ (සොකෝ) ස්ථානා­ධි­ප­ති­ව­රයා රටින් පිටව ගොස් ඇති බව පසු­ගිය සතියේ අනා­ව­ර­ණය වී තිබුණි.

පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් වන එම නිල­ධා­රියා ඉහළ නිල­ධා­රීන්ට කිසිදු දැනුම්දීම­කින් තොරව මෙසේ රටින් පිටව ගොස් ඇත්තේ නිසි අව­ස­ර­කින් තොර­වය.

ඒ අනුව පසු­ගිය 14 වැනිදා ඔහුගේ වැඩ තහ­නම් කිරී­මට බදුල්ල පොලිස් අධි­කා­රී­ව­රයා පිය­වර ගත්තේය.

මෙම නිල­ධා­රි­යාගේ බිරිය බදුල්ල පොලි­සියේ සේවයේ නිරත පොලිස් පරී­ක්ෂ­ක­ව­රි­යකි.

ඇගේ සැමියා වන සොකෝ ස්ථානා­ධි­ප­ති­ව­රයා පසු­ගිය පෙබ­ර­වාරි 19 වෙනිදා සිට සේව­යට වාර්තා නොකි­රීම හේතු­වෙන්, ඒ ගැන ඇගෙන් උසස් පොලිස් නිල­ධා­රීන් විමසූ විට පවසා ඇත්තේ සැමියා රට රැකි­යා­වක් සඳහා පිටත්ව ගොස් ඇති බවය.

පොලිස් සේවයේ නිරත පොලිස් නිල­ධා­රීන් රැසක් පසු­ගිය කාලය පුරා­වට මේ ආකා­ර­යට රටින් පිටව ගොස් ඇත.

ඒ අතර වඩාත් අව­ධා­න­යට යොමු­වූයේ පොලිස් ක්‍රීඩා කොට්ඨා­සයේ නිල­ධා­රීන් පිරි­සක් අන්තර්ජාතික පොලිස් සංග­මයේ සමු­ළු­ව­කට සහ­භා­ගි­වී­මට ගොස් අතු­රු­ද­න්වී­මකි.

එසේම කොළඹ අප­රාධ කොට්ඨා­සයේ සේවයේ නිරත පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකුද ප්‍රංශයේ සංචා­ර­යක් සඳහා ගොස් එරට රැක­ව­ර­ණය ඉල්ල­මින් රැඳෙන්නේ පාතා­ල­යෙන් ඔහුට තර්ජන එල්ලවූ නිසා බව කිය­මිනි.(දිනමිණ)