March 18, 2024

පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව, සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පවත්වන්නැයි, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත යළි අවධාරණය කරයි.

පවතින අධික උණුසුම් කාළගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇමැතිවරයා සඳහන් කරයි.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ මාර්තු 22 වැනිදා සිට දිවයිනේ සමහර ප්‍රදේශවල සවස් කාලයේ වැසි ඇති විය හැකි බවයි.

කෙසේවෙතත් පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පහව යෑමට මෙම වර්ෂාව ප්‍රමාණවත් නොවන බවයි ඔහු කියාසිටියි.

අප්‍රේල් 5 සිට 15 දක්වා සූර්යයා උච්චව පවතින බැවින් තාපය තවදුරටත් වැඩිවිය හැකි බව ඔහු පවසයි.