
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ්හි කොටස් ගැනීමට උනන්දුව දක්වමින් ආයතන 5ක් ඉදිරිපත්ව තිබේ.
අන්තර්ජාතික සහ දේශීය මාධ්‍ය හරහා ශ්‍රී ලංකා රජය 2024 ජනවාරි 26 වැනි දින මීට අදාළව ආයෝජකයන්ගෙන් සුදුසුකම් සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස නිවේදනය කර තිබිණි.
යෝජනා ඉදිරිපත් කිරීමේ කාලය 2024 මාර්තු 06 වැනි බදාදා පස්වරු 2.00න් අවසන් විය.
එහිදී ලැබුණු ඉල්ලීම් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ සාකච්ඡා කමිටුව විසින් පත් කරන ලද ආරම්භක කමිටුව විසින් සළකා බලා තිබේ.
ඒ අනුව කොටස් ගැනීමට උනන්දුව දක්වා ඉදිරිපත්ව සිටින සමාගම් 5 මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයන් වන්නේ LIC (Lanka) Limited, යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී, ආසිරි හොස්පිට්ල් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්ය.
සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මිලදී ගැනීම සඳහා සීමාසහිත යුරෝ එක්සිම් බැංකුව සහ ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් යන සමාගම් ඉදිරිපත්ව සිටියි.
ඒ අනුව මෙම ආයෝජකයන්ගේ ඉල්ලීම් 2023 ජූලි මාසයේදී ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලද රජය සතු ව්‍යවසායයන් බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව ඇගයීමට ලක්කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි ශ්‍රී ලංකා රජය සතු කොටස් බෙදා හැරීමේ ගනුදෙනුවේ උපදේශක ලෙස කටයුතු කරන්නේ Alvarez & Marsal සමාගමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart